කථානායක අශෝක රන්වල මහතාට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇතිවී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා කරන බවයි.
අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙනවා.
තමන් මොරටු විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවද කතානායකවරයා තවදුරටත් කියා සිටියා.