වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් තිබෙනවා.
එම වයස් සීමාව වැඩි කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සදහන් කරනවා.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ රට තුල ඇතිව තිබෙන වෛද්‍යවරුන්ගේ ඌනතාව සැලකිල්ලට ගනිමින්.
වෛද්‍යවරයකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව මෙතෙක් පැවතුණේ අවුරුදු 60 ක් ලෙසයි.