
පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.
බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු කාරණා සම්බන්ධයෙන් මෙම සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වනවා.
ජාතික ජන බලවේගය ද සඳහන් කර ඇත්තේ වෙනත් පක්ෂ සමග බලය පිහිටුවීමට අදහසක් නැතත් ස්වාධීනව තරග කර ජයග්රහණය කරන ලද කණ්ඩායම් සමග එක්ක බලය පිහිටුවීමට සූදානම් බවයි.
සමගි ජන බලවේගය පවසන්නේ විපක්ෂ සෙසු කණ්ඩායම සමග බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.