ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට ICC විසින් දූෂණ චෝදනා තුනක් යොමු කර තිබෙනවා.
ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි.
නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ ව්ට්සැප් පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බවට වාර්තා වනවා.
එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී ICCය දැනුවත් නොකළ බවට ප්‍රවීන් ජයවික්‍රම ට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් ICC ගොනු කර ඇති මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අගෝස්තු මස 6 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බව සඳහන්.
25 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අන්තර්ජාතික තරග 15කට ක්‍රීඩා කර තිබෙනවා.