එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් එංගලන්ත ක්රිකට් මණ්ඩලයෙන් විමසා ඇති බව වාර්තා වනවා.
ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර තිබෙනවා.
පසුගිය දින කිහිපයේදී සංක්රමණිකයන් ට එරෙහිව එංගලන්තයේ ප්රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.
මේ වනවිට ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් සංචිතයේ ක්රීඩකයින් 7 දෙනෙක් එංගලන්තය ට ගොස් සිටින අතර ඔවුන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසා ඇති බව සඳහන්.