ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි.
Starlink ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ට අයත් සමාගමක්.
පසුගිය ජූලි මාසයේදී නව විදුලිසංදේශ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අතර එමගින් එතෙක් පැවති පනත වසර 28කට පසුව සංශෝධනය කෙරුණා.
ඒ අනුව 2024 ජූලි 09 වනදා ශ්‍රී ලංකා විදුලිසංදේශ (සංශෝධිත) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ අතර Starlink සමාගමට මෙරටට පැමිණීමට මඟ විවර වූයේ ඒ සමගයි.
ලෝක ව්‍යාප්ත Starlink ජාලය සමග ශ්‍රී ලංකාව සම්බන්ධවීමට සැලසුම් කර ඇත්තේ මෙරට කොළඹින් පිට ප්‍රදේශවල අන්තර්ජාල ගැටලු විසඳීම බව සඳහන්.
Starlink සඳහා පසුගිය ජූනි මාසයේදී මූලික අනුමැතිය ලබාදීමට මෙරට බලධාරීන් කටයුතු කළා.
මේ වනවිට Starlink සඳහා ලොව මිලියන 2ක පමණ ක්‍රියාකාරී ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටින අතර එය රටවල් 60කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මකයි.