සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.
ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීයි.
එම අවස්ථාවට සර්වජන බලය එකමුතුවේ පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මව්බිම ජනතා පක්ෂයේ නායකයා ද වන සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) සිදුකෙරුණා.
දිලිත් ජයවීම මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තරුව ලකුණ යටතේයි