ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වීම නිසා මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට දැනට ඇස්තමේන්තු කර තිබෙන මුදල ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණාලයේ සේවකයෝ සඳහන් කරනවා.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වූ අතර මෙම ප්‍රමාණයද මෙවරද ඉදිරිපත් විය හැකි බවට අනුමාන කර මුද්‍රණ වියදම් ලෙස රුපියල් මිලියන අටසීයක් මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙනවා.
එවර මැතිවරණයේදී අඟල් 26ක ඡන්ද පත්‍රිකාවක් සකස් කර තිබූ අතර මෙවර අපේක්ෂකයන් 39 ක් ඉදිරිපත් වී සිටින නිසා මුද්‍රණ වියදම් ඉහළ යාම සිදු වන බවයි පැවසෙන්නේ.