හර්ෂිතා සමරවික්රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ පිතිකාරිනියන්ගේ දුර්වල ක්රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්රී ලංකාවට සිදු වුණා.
ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවුණා.
බෙල්ෆාස්ට්හිදී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට පන්දුවාර 48කට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240ක් පමණයි.