Sam Brown ගේ ජනප්‍රිය ගීතයක් වන ‘Stop’ ගීතය නැවතත් බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාවේ රියැලිට් තරඟයක් වන The Voice Australia ‘Season 13 තරඟයට ඉදිරිපත් වූ Shannen Wick නම් තරුණියක් විසින් එම ගීතය ගායනා කිරීම නිසායි.
ඕස්ට්‍රේලියාවේ සිටින දක්ෂ ගායන ගුරුවරියක් වන ෂැනන් තම සිසුන්ගේ බලකිරීම මත මෙම තරඟයට ඉදිරිපත් වී තිබෙනවා.
ඇගේ ගායනය කෙතරම් සිත් ඇදගත්තාද යන දේ පසක් වූයේ Guy Sebastian, LeAnn Rimes, Kate Ceberano සහ Adam Lambert සිය ආසනවලින් නැගිට ඇයට අත්පොළසන් දීමත් සමගයි.
එමෙන්ම ඉදිරි තරගවලදී ඇයගේ පුහුණුකරු වීමට එම සිව්දෙනාම උනන්දු වූ අතර ෂැනන් අවසානයේ තෝරාගත්තේ Guy Sebastian වයි.
ෂැනන් මේවන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ජීවත් වන්නේ සිය දෙමාපියන් සමගිනුයි. සංගීතයට ඇල්මක් දක්වන පවුලකින් උපන් ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ උපන් අය වනවා.
ඇයගේ පියා එරෝල් වික්‍රමසිංහ වන අතර ඔහු කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අයෙක්. ඇයගේ මව ලලින්ති විජේසිංහ 1980 දශකයේ එයාර් ලංකා ගුවන් සේවයේ කැපී පෙනෙන ගුවන් සේවිකාවක්.
එමෙන්ම ෂැනන්ගේ බාල සොහොයුරිය Shonelle ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ ඇයව දිරිමත් කරන්නටයි.
The Voice හි Shannen Wick ගේ අමතක නොවන මෙම ගායනය ආරම්භයක් පමණයි. මෙම නැගී එන තරුව මීළඟට කුමක් කරනු ඇත්දැයි ලොවම උනන්දුවෙන් බලා සිටිනවා නොඅනුමානයි.