මෙරට ප්‍රධාන දෙමළ රූපවාහිනී නාලිකාවක රූපවාහිනී විවාදයකට එක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබෙනවා.
ඒ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් ශක්ති අතරයි.
සමගි ජන බලවේගය සමග සිටි වේලු කුමාර් මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට සඳහා ඉදිරිපත් වූ අයෙකු වන අතර පලනි දිගම්බරම් මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කර ඇත.