ඇහැලේපොල වලව්ව මහනුවර ශ්රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්රය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දී තිබෙනවා.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්ර ගරු කරමින් විචිත්රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහැර සංදේශය දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී මෙම නිදහස් දීමනා පත්රයද දළදා මාලිගාව වෙත ලබා දී තිබෙනවා.