මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත් ජනතාව කොතරම් දැනුවත් කළද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කනගාටුදායක බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් දිසානයක මහතා අවධාරණය කර සිටියේ මෙවර ඇසළ පෙරහර සමය වර්ෂාව පැවති කාලවකවානුවක පැවති බැවින් ඉටිකොළ භාවිතය අධික වුවත් ජනතාව මීට වඩා වගකීමකින් යුතුව ඉටිකොළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයේදී ක්‍රියාකළ යුතුව තිබෙන බවයි.
පෙරහර මංගල්‍යයේ අලින්ගේ ආහාර ද්‍රව්‍ය ඇතුළ අපද්‍රව්‍ය පමණක් ටොන් 200කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කොට ඇති බවත් මේ වන විටත් එම අපද්‍රව්‍ය ඉවත් කරමින් තිබෙන බවත් නාමල් දිසානායක මහතා සඳහන් කළා.
ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අලින් විසින් ආහාරයට නොගත් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ අතර ඇති බවයි. මෙම තතත්වය මීට පෙර පෙරහර සමයේදී වාර්තා නොවූ තත්ත්වයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.