ඇසුරුම් කළ කසළ දුම්රියෙන් රැගෙන යෑම අද (25) පළමු වරට ආරම්භ කෙරුණා.
වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසළ එලෙස පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත රැගෙනවිත් තිබෙනවා.
756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් තිබෙනවා.
කසළ තොගය රැගත් බහාලුම් වනවාසල සිට පුත්තලමට ගොස්, එතැන් සිට අරුවක්කාඩු කසළ අංගනය වෙත ගෙන විත් තිබෙනවා.
මෙම කසළ දුම්රියෙන් රැගෙන ඒමට විරෝධය පළ කරමින් සුළු පිරිසක් ඊයේ (24) සහ අද දහවල් නූර් නගර් දුම්රිය ස්ථානය අසල විරෝධතාවයක ද නිරත වී තිබෙනවා.