ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ, ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දීයි.
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධ අයෙක්.
ඔහුගේ පුතා වන අත්අඩංගුවට පත්වූ නදීන් බාෂික් නැමැත්තා පසුගිය පෙබරවාරි මස 16 වන දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි අයෙක්.