හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසනවා.
රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී එම සිරුරු ඊයේ (31) සොයාගෙන තිබෙනවා.
එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු වනවා.
ඉන් හර්ෂ් ගෝල්ඩන්බර්ග් – පෝලින් අමෙරිකානු ජාතිකයෙක්.
2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය අතරතුරදී මෙම පිරිසද පැහැරගෙන තිබෙනවා.
එම ප්‍රහාරයෙන් 1,200ක් පමණ මියගිය අතර 251ක් පැහැරගෙන ගොස් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගැනීමට හමාස් සංවිධානය කටයුතු කළා.
ඔක්තෝබර් 07 ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ඇරඹූ හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා පලස්තීනයේ 40,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 97ක් පමණ හමාස් භාරයේ සිටින බවයි.