2024 ජූලි මාසයේ දී 28,003 ක පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 07 ක කාලපරිච්ඡේදය තුළ දී රැකියා වෙනුවෙන් විදෙස්ගත වී ඇති මුළු ප්‍රමාණය 175,163 ක්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වන අතර එම මාස 07 ක කාලපරිච්ඡේදය තුළ දී, විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,710.8 ක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් පරිදි පූර්ව වර්ෂයේ, එනම් 2023 වසරේ මුල් මාස 07 තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති පිරිස 171,864 ක් වන අතර එම කාලපරිච්ඡේදය තුළ ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,363.6 ක්.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විදෙස් රැකියා සඳහා වැඩිම පිරිසක් ගොස් ඇති වසර ලෙසින් 2014 වසර වාර්තා වනවා. එම වසරේ දී 300,703 පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන සඳහන් කරනවා.