මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම්හලක ව්‍යාජ තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිළධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
කටුගස්තොට වීරකෝන් උද්‍යානය ප්‍රදේශයේ ඇති තරු හෝටලක සිටින විදේශිකයන් කණ්ඩායමක් ත්‍රිරෝද රථවල ගමන් කිරීමට කැමැත්තෙන් සිටින බව පවසා ත්‍රීරෝධ රථ විශාල සංඛ්‍යාවක් එම ඉන්ධන පිරවුම්හල අසලට කැඳවා එම ව්‍යාජ ඉන්ධන පෝලිම වීඩියෝ ගත කිරීමට සැලසුම් කර තිබූ අතර ව්‍යාජ ගෑස් පෝලිම් සඳහා දිගන ප්‍රදේශයේ වත්තක කම්කරුවන් 50-60ක පමණ පිරිසකට රුපියල් 2500 බැගින් ගෙවා එම ස්ථානයට ගෙනැවිත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මත එය සිදු කිරීමට කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා බව පොලිසිය පවසනවා.
වීඩියෝ ගත කිරීම සිදුකළ ඉන්ධන පිරවුම්හලේ පාලන අධිකාරියෙන්ද පොලිසිය කට උත්තර ලබාගෙන තිබෙනවා.