අලුත විවාපත් යුවළක් ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
එම යුවළ ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා පවා දැනුවත් නොකර ශ්රී දළදා මාලිගාවට පැමිණ ඉහළ මාලයේ ප්රධාන මල් ආසනය ඇතුළු ශ්රී දළදා මාලිගාවේ විවිධ ස්ථානවල ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එය වැළැක්වීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයක් පොලිස් නිළධාරීන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ ඡායාරූප ගැනීම සඳහා ඉඩ ප්රස්ථාව ලබාදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිළධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.