ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය ඊයේ (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරනවා.
එසේම ළමුන් සහ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය නිරන්තරයෙන් පෙනී සිටි අතර ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක සාමාජිකත්වය දරනවා.