දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්. චාර්ල්ස් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මෙම හමුවේදී ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.
එහිදී ආණ්ඩුකාරවරිය යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.