ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 66 වන වියේ පසුවුණා.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වුණා.
සේනක බටගොඩ මහතා විසින් ගායනා කළ ගීත අතර අපි සැනසිල්ලේ, සැනසෙන්නම් මා, අනන්තයට යනවාමයි, අපි කවුරුද, හීනවලට පණක්, අළු යට ගිනි, සැනසුම, නිදි නැති රැය, එක මොහොතක සහ රස්තා ආදි ගීත රැසක්.
දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගෙන සිටි, සේනක බටගොඩ මහතා, ගැයූ ගීත 7ක් ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගිය අප්‍රේල් 2 වනදා වාරණයක් ද නිකුත් කර තිබුණා.
අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් ඔහුට එරෙහිව එලෙස වාරණ නියෝගය නිකුත් කළා.
එම පැමිණිල්ල ජනත් කුලතිලක මහතා විසින් ගොනුකර තිබුණා.