සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ හෙට (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසනවා.
හෙට දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් මෙම නිදහස හිමි වනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවයි.