වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ළඟදීම ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරනවා.
මෙම නවීන කර්මාන්ත ශාලාව තිරසාර වර්ධනය සහ දිගු කාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වනවා.
කර්මාන්ත ශාලාව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වනවා. ජාත්‍යන්තර මෝටර් රථ විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කරන ලද සහ ජර්මනිය, ජපානය සහ කොරියාවේ නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත වන අතර මෙම කර්මාන්ත ශාලාව ඉහළම ජාත්‍යන්තර ප්රමිතීන් යටතේ ක්‍රියාත්මක වනවා.
සමාගම දේශීය දක්ෂතා නගා සිටුවීමට හා ප්‍රජා සංවර්ධනය සඳහා කැපවී සිටිනවා. මෝටර් රථ ඉංජිනේරු උපධිධාරීන් හා මෝටර් රථ ඩිප්ලෝමාධාරීන් ඇතුළු සෘජු සේවකයින් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විට් වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම විසින් බඳවාගෙන අවසන්. එයට අමතරව මානව සම්පත් පරිපාලනය සහ නඩත්තු කාර්යයන් සඳහා අවශ්‍ය 25 දෙනෙකුගේ සේවක පිරිසක්ද බඳවා ගැනීමට නියමිතයි. එමෙන්ම ආරක්ෂාව හා සැපයුම හා ප්‍රවාහනය, ආහාර සැපයීම හා පිරිසිදු කිරීම ආදිය සඳහා දේශීය සේවා සපයන ව්‍යාපාර කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩ නගාගෙන තිබෙනවා.