ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරඟය කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් අතර ඊයේ (03) පැවැත්වුණු අතර එම තරඟයෙන් ජය ගැනීමට ගෝල් මාවල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.
එම තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගෝල් මාවල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 179ක් පමණයි.
නිරෝෂන් දික්වැල්ල පන්දු 18 කදී ලකුණු 50ක්ද ඉසුරු උදාන පන්දු 34 කදී ලකුණු 52ක් ද රැස් කළ අතර සහන් ආරච්චිගේ පන්දු 27කදී ලකුණු 35ක් රැස් කළා.
පන්දු යැවීමේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් ශහාබ් ඛාන් කඩුලු 04ක්ද බිනුර ෆර්නෑන්ඩු කඩුලු 03ක් ද දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට සිදු වෙනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් මාවල්ස් කණ්ඩායමේදී පළමුව පන්දුවට පහර දුන් Rahmanullah Gurbaj පන්දු 17කදී ලකුණු 29ක් ලබාගෙන තිබෙනවා.
ඒමෙන්ම, Glenn Phillps පන්දු 18කදී ලකුණු 26ක් ලබා ගැනීමටත් දුනිත් වෙල්ලාලගේ පන්දු 26 කදී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවාර අවසානයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 172ක් පමණයි.
තරඟයේ වීරයා බවට පත්වූයේ ඉසුරු උදානයි.