
තමා ජනපති වූ පසු රට තුළ නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දෙබරවැව නගරයේ අද (13) පස්වරුවේ පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.
“මේ මොහොත වනවිට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ප්රචණ්ඩත්වය නිසා වසා දමලා. මිලේච්ච මැර ප්‍රහාර එල්ල කරලා. මම අහන්න කැමතියි තමන් කැමති දේශපාලනයක් කරන්න අයිතියක් නැද්ද ? මේ නිර්මාණය වන වියරු ෆැසිස්වාදයට මේ රටේ ජනතාව ආශිර්වාදය දෙනවා ද? බය නැතුව ජනාධිපතිවරණ දිනයේ දී ඡන්ද පොලට ගිහින් පොදුජන යුගය වෙනුවෙන් ඔබගේ හයිය ලබාදෙන්න. ඔබව අපි ආරක්ෂා කරනවා. අද විදුලිය කපලා තියෙනවා දස ලක්ෂයකගේ. හැමෝම දන්නවා 21න් පස්සේ ලයිට් කපපු දස ලක්ෂයට සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුව පිහිටක් වෙනවා කියලා. අනුර – රනිල් ඒවට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි දස ලක්ෂයක් නව ව්‍යවසායකින් බිහි කරනවාට විරුද්ධයි. ඒ නිසා රනිල් – අනුර පරාජය කිරීමට 21 වනදාට පොදුජන යුගයකට ඔබ සියලුදෙනාගේ ජනවරම, ජනහයිය ලබාදෙන්න කියනවා.”