ආගම් ජාති භේදයකින් තොරව සෑමට එකතු විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ ජය තහවුරු කිරිම සඳහා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලු දෙනා එකට එකතු වී සිටින බලවේගය බවට පත් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා බවටද අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට ඡන්ද ලබා දී බලයට පත් වුවත් යළි මාස හයකින් නැවත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.