ජනපති ජනහමුව වැඩසටහනේ පටිගත කිරීම් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වෙනවා.
ඒ අනුව එම විශේෂ මාධ්‍ය හමුව අද රාත්රියේදී සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශනය කිරීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම වැඩසටහන පිළිබඳ මින් පෙර අවස්ථාවකදී හිරු නාලිකාවට දැනුම් දී ඇති අතර එම නාළිකාව විසින් ඒ සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, මේ සඳහා සහභාගී වන බව තහවුරු කොට තිබෙනවා.
එහෙත් එය පැවැත්වෙන වේලාවක් පිළිබඳ හිරු නාලිකාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී නැහැ.
මේ හේතුව නිසා බොහෝ දෙනා පවසා ඇත්තේ චමුදිත සමරවික්‍රම ඊට සහභාගී වුවහොත් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්වන යම් යම් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට ඉඩ ඇති බැවින් මෙය හිතාමතා සිදු කරන ලද්දක් බවයි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට ආරාධනා කර තිබෙනවා. ඒ අනුව ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දෙරණ, ස්වර්ණවාහිනිය, සියත, සිරස ආදී අනෙකුත් සියලු නාළිකා සමග මෙම වැඩසටහන පටිගත කෙරෙමින් පවතින බවට වාර්තා වනවා.