
ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
අපහසුවෙන් අත්පත් කරගත් ජයග්‍රහණ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට උදව් වූ බව ත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඉදිරියේදී එකතු වී වැඩ කිරීමට සූදානම් බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජුලී කොසැක් වොෂිංටන් නුවරදී ඊයේ (සැප්. 24) ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නව ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙන යෑම සඳහා නව ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවන ඇගයීමට පසුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් වූ තුන්වන වාරිකය පසුගිය ජූනි මාසයේදී ලැබී තිබුණා.
පසුගිය 2022 වසරේ ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු වන බව එම අරමුදලේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළා.