
පසුගිය රජයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් භාවිතා කළ සුඛෝපභෝගී වාහන රැසක් මේ වන විට ගාලු මුවදොර පිටිය අසල රැස් කර තිබෙනවා.
තවත් වාහන පැමිණෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දිය යුතු අතර එම නිසා මෙම වාහන එම ස්ථානයට ගාල් වෙමින් පවතිනවා.