2024 ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි වුණා.
ඒ, මහනුවර ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 199 ක් ලබා ගත්ත.
ඒ, Rahmanullah Gurbaz සහ Angelo Perera ගේ ආක්‍රමණශීලී පිතිහරඹය හේතුවෙන්.
ගුර්බාස් පන්දු 10කින් ලකුණු 20ක් සහ පෙරේරා පන්දු 23කදී ලකුණු 38ක් රැස් කලා. කෙසේ වෙතත් පන්දු 43 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළුව ලකුණු 70 ක් රැස්කරමින් Glenn Phillips දැවී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මහනුවර ෆැල්කන්ස් කණ්ඩායම සිය ඉනිම ප්‍රබල ලෙස ආරම්භ කළ අතර, මොහොමඩ් හරිස් (පන්දු 32 කදී ලකුණු 56) සහ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (පන්දු 36 කදී ලකුණු 47) දෙවැනි කඩුල්ලට ලකුණු 95 ක තීරණාත්මක සබඳතාවයක් ගොඩනැගුවා.
ඔවුන්ගේ උත්සාහය නොතකා ලකුණු 26කට කඩුලු 4ක් දවාගනිමින් මතීෂ පතිරණ සංවේදී පන්දු යැවීමක නිරත වීමත් සමඟ ෆැල්කන්ස් පිල පසුබෑමකට ලක්වුණා. පතිරණගේ තීරණාත්මක 17 වැනි ඕවරය මෙන්ම ඔහු තීරණාත්මක කඩුලු තුනක් මෙම තරගයේදී දවාගත් අතර, ලකුණු තුනක් පමණක් ලබා දුන් මසුරු 19 වැනි ඕවරයේදී තරගය ස්ට්රයිකර්ස්ගේ වාසියට හරවා ගත්තා.
කලම්බු ස්ට්‍රයිකර්ස්: ඕවර 20 කදී 199/9 (ග්ලෙන් පිලිප්ස් 70, ඇන්ජලෝ පෙරේරා 38, ෂඩාබ් ඛාන් 23; දුෂ්මන්ත චමීර 3/40)
මහනුවර ෆැල්කන්ස්: ඕවර 20 කදී 197/8 (මොහොමඩ් හරිස් 56, ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් 47; මතීෂ පතිරණ 4/26)
ප්‍රතිඵලය: කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට ලකුණු 2ක ජයක්.