ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට යුගයේ අවශ්‍යතාවය සලකා ජනතාවගේ යහපත වෙනුවෙන් තරග කිරීමට තමන් සූදානම් බව ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා සඳහන් කරනවා.
තමන්ට ඊට හැකියාව මෙන්ම සුදුසුකම් ද ඇති බවත් තම රසික රසිකාවන් රට පුරා සිටින බවත් ඔහු සඳහන් කළා.
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකයින් ඊට ඉදිරිපත් වීමට හැකි බවද කී ඔහු සඳහන් කළේ ජනතාවගේ යහපත වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවත්ය.