තමන්ට ජනාධිපති උපදේශක තනතුරු ලැබුණේ 2023 වසරේ බවත් එතැන් සිට ගත වූ මාස කිහිපය තුළ වාහන 08ක් මාරු කිරීමට සිදු වූ බවත් හිටපු ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
ඒ අනුව තමන් භාවිතා කලේ Porsche රථයක් බවත් එය වසර 10ක් පමණ පැරණි දොරවල් විවෘත කිරීමට පවා නොහැකි වැසි ජලය ඇතුළට කාන්දු වන ඉතා ම අබලන් වාහනයක් බවත් එය දිනක් නාරාහේන්පිට ප්‍රදේශයේ නැවතී ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තවත් වාහනයක් ආධාරයෙන් රැගෙන ගිය බවත් රෝසි සේනානායක එහිදී සඳහන් කළා.
කෙසේවෙතත් සුඛෝපභෝගී වාහන පන්තියට හිමිකම් කියන මෙම රථයේ තත්වය ගැන මෙලෙස පැවසූ පසු අන්තර්ජාලයේ මේ පිළිබඳව බොහෝ සෙයින් කතා බහට ලක්වුණා.
පසුගියදා මෙම Porsche රථය ද ඇතුළුව රජය විසින් නිකුත් කරන ලද වාහන 100කට අධික ප්‍රමාණයක් සමග මෙම කතාව ආරම්භ වුණා. ආපසු ලබා දුන් සුඛෝපභෝගී වාහන ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් වූ විට, මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් විවේචන එල්ල වුණා.
කෙසේවෙතත් මෙම රථයේ ඇය පෙන්වා දුන් අඩුපාඩු නිසා මෙම වාහනය සහිත උපහාසාත්මක පෝස්ට් සමාජජාල මාධ්ය්යන්වල බොහෝ සෙයින් පැතිරෙන්නට වුණා.