හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇති බවට වාර්තා පළ වනවා.
“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් සිය X ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව පවසා තිබෙනවා. .
හිටපු ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ නැවත දේශපාලනයට පැමිණීමට ඔහු අදහසක් නොමැති බවයි.
ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඔස්සේ දේශපාලනයට පිවිසි කෙනෙක්.