එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තරග කිරීමට සාකච්ඡා කළ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් එම සාකච්ඡා බිඳවැටුණා.