වෙළඳපොලේ මාලු මිල ගණන් යළිත් සීඝ්‍ර යෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගියන් පවසනවා.
ඒ අනුව සිල්ලර වෙළඳපොලේ කෙලවල්ලා රුපියල් 1900කටත්, පරා රුපියල් 1800ක්, තලපත් රුපියල් 2200ක්, හුරුල්ලා රුපියල් 900කටත්, සාලයා රුපියල් 420 කටත්, ලින්නා රුපියල් 800 කටත්, බලයා රුපියල් 980 කටත්, අලගොලුවා 850 කටත්, ඉස්සා රුපියල් 1800කටත් කිලෝව අළෙවි වන බව ඔවුන් පවසනවා.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන තිබෙනවා.
කෙසේවෙතත් වර්ෂාව සහිත පවතින අයහපත් කාලගුණ තත්වය මාලු මිල ඉහළ යාමට බලපා තිබෙනවා.