ඉන්ධන බවුසරයක් පිපිරීම හේතුවෙන් උතුරු නයිජීරියාවේ පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි සඳහන් වන්නේ එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී තිබුණු බවයි.
ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී සිටි බව සඳහන්.
එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් තිබෙනවා.
මරණයට පත්වූ ගණන තවත් වැඩි වනු ඇති බවට සෞඛ්‍ය අංශ අදහස් පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.