දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර තිබෙනවා.
මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම වනවා.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවතින වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකු කරනු ලබනවා.
ඒ අනුව 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කර ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වනවා.