ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීමට සඳහා Vikravandi’s V Salai වෙත අද (27) විශාල සෙනගක් රැස්ව තිබෙනවා.
ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව සිදු කර ඇත්තේ දේශපාලන ක්ෂේත්රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සිනමාවේ බලපෑමත් සමඟ ද්රවිඩම් සංකල්පය සැලකිය යුතු ලෙස පරිණාමය වී ඇති බවයි.
පවතින පාලනය විවේචනය කළ ඔහු, “ද්‍රවිඩ ආදර්ශය කියා ජනතා විරෝධී ආණ්ඩුවක් ගෙන යමින් ජනතාව ගොනාට අන්දනවා..අපි මෙතන ඉන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න” යනුවෙන් ද ප්‍රකාශ කර තිබෙනවා.