හෝටලයකින් මිලදී ගත් බිරියානි කෑම පාර්සලයක් අනුභව කොට ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ අසාත්මිකතාවයෙන් පසුව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ හානි නිසා මරණය සිදුව තිබෙන බවයි.
ගිරිඋල්ල නගරයේ හෝටලයකින් මිලදී ගත් ආහාර පාර්සලයක් මෙසේ අනුභව කළ බවයි වාර්තා වන්නේ.
ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් සිසුවිය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ (15) හැවිරිදි ගිරිඋල්ල, මැද්දෙපොල, හේන්යාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක්.
හෝටලයකින් රැගෙන ආ කෑම පාර්සලය ඇය තවත් තිදෙනෙකු සමග ආහාරයට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් එම ආහාර අනුභවයෙන් පසුව ආසාත්මිකතාවය ඇති වී තිබෙන්නේ මැයට පමණක් බවයි පැවසෙන්නේ.
බිරියානි කෑම පාර්සල් දෙකක් මියගිය අයගේ සහෝදරයා විසින් මිලට ගෙන තිබෙන අතර ඒවා නිවසේ සිට අනුභව කොට ඇතැයි ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීකෂක ජනක සමරකෝන් ප්‍රකාශ කළා.