හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන සියලු වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දැනට සේවයේ නියුතු යුද හා නාවික හමුදා සෙබළුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙකු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති බවයි.
ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.
1986 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප, කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවත්, එම වාහන වන්නේ Mercedes Benz මෝටර් රථයක්, Toyota Land Cruiser ජීප් රථයක් , Mercedes Benz වර්ගයේ තවත් ජීප් රථයක් බවත් එහි දැක්වෙනවා.
ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 1950 ලබා දෙන බවත්, එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වනවිට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින්…