2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54ක් වනවා.
එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩි වීමක් බවද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.