විදුලිය ගාස්තු අඩු කිරීමට අදාළ නව යෝජනාවලිය ලබාදීම සඳහා තවත් දෙසතියක කාලයක් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
දත්ත විශ්ලේෂණය කරමින් ගණනය කිරීම් තවදුරටත් සිදුකිරීමට ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
ඒ හේතුවෙන් එලෙස කල් ඉල්ලූ බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම නව යෝජනාවලිය පසුගිය 08 වැනිදාට පෙර ලබා දෙන ලෙසයි මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණේ.
මීට පෙර ඉදිරිපත් කළ එම යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සූත්රය යටතේ අනුකූලතාව පිළිබඳ ගැටලු මතුව තිබුණා.
ඒ නිසයි නැවත නව යෝජනාවලිය ඉල්ලා ඇත්තේ.