ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,682,482ක්.
නොවැම්බර් මාසයේ පළමු දින 10 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 61,767ක් වනවා.
ශීත සෘතුවේ ආරම්භයත් සමගම යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරනවා.
එමෙන්ම ලබන වසරේ මෙරටට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වාගැනීම රජයේ ඉලක්කය වනවා.
එවැනි වාතාවරණයක මෙරට ප්රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙසින් ලොව ප්‍රචලිත දකුණු ලකේ අග නගරය වන ගාල්ල සංචාරක කලාපය ආශ්‍රිතව සිදුවන මෙවැනි දේවල් සංචාරකයින් අපහසුතාවට පත්වන සිදුවීමක් ප්‍රදේශවාසීන් අනාරවණය කරනවා.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි.