පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා, පහසුකම් හා වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, අද (19) කොළඹ පැවැති මාධ්‍ය ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
එහිදී ඔහු කියා සිටියේ වත්මන් අමාත්‍ය මණ්ඩලය බස් එකේ ගිය, මරුටි කාර් රථයේ ගොස් බිම් මට්ටමේ දේශපාලන කරපු පිරිසක් බවත් ඔවුන්ට කුරුදු වත්තේ නිවාස අවශ්‍ය නොවන බවත් තමා විශ්වාස කරන බවයි.
එමෙන්ම පසුගිය ආණ්ඩුවල අමාත්‍යවරුන්ට ලබා දුන් කුරුදුවත්තේ නිවාස වත්මන් ආණ්ඩුව යටතේ කුලි පදනම මත ලබා දී ඒ ලැබෙන ආදායම රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට මහපොළ ශිෂ්‍යත්වය මගින් ලබා දෙන ලෙස හේෂා විතානගේ කියා සිටියා.
පාර්ලිමේන්තුව වෙනස් කරන ක්‍රමය වත්මන් ආණ්ඩුව තුළින්ම ඇති කරන්න කටයුතු කරන ලෙස හේෂා විතානගේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.