2007 වසරේදී එවකට වයස අවුරුදු 20ක් වූ සුපිරි පාපන්දු ක්රීඩක ලයනල් මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී දින දර්ශනයක් සඳහා ඡායාරූප රූගත කිරීමකට එක්වුණා.
ඔහු එහිදී බිළිඳෙකු අත දරාගෙන සිටින ඡායාරූපයක් සඳහා පෙනී සිට තිබෙනවා.
එම ඡායාරූපයේ සිටින දරුවා වසර 17කට පසුව සුපිරි පාපන්දු තරුවක් වෙතැයි නොසිතන්නට ඇත.
ඒ දරුවා, ලෙමින් යමාල් ය. ඔහු අද ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ තරුවක්.
පසුගියදා ප්රංශය සමග පැවති යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්රහණය කරා ගෙන යාමට ජමාල් විශාල මෙහෙයක් කළා.
ඒ තම කණ්ඩායමේ පළමු ගෝලය රැස්කරමින්. ඒ වනවිට වයස අවුරුදු 16යි දින 362ක් වූ ජමාල්, යුරෝපීය කුසලාන ඉතිහාසයේ ගෝලයක් ලබාගත් ළාබාලතම ක්රීඩකයා වනවා.