කුවේට් රාජ්‍යයේ සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32ක් මෙරටට එවා තිබෙනවා.
ඔවුන් අද (25) පස්වරුවේ කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම සිරකරුවන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි අය බව වාර්තා වනවා.
ඔවුන් මෙරටට එවා තිබුණේ කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේයි.
මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත්කර, වැරදිකරුවන් වූ පිරිසක්.
අදාළ සිරකරුවන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තා වනවා.
කුවේට් ගුවන් හමුදාවට අයත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (25) සවස පැමිණීමෙන් අනතුරුව මෙම සිරකරුවන් පිරිස භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.
පසුව එම සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.