හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගමන් ගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ බෝම්බකාරියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විත්තිකරුවන් දෙදෙනකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
2008 වසරේ බොරැලැස්ගමුව ප්‍රදේශයේදී එවක අමාත්‍යවරයකු වශයෙන් සිටියදීයි අදාළ ප්‍රහාරය එල්ල කිරීමට තැත් කරනු ලැබුවේ.
මේ අනුව, ඊට ආධාර අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 15 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගරගත කර සිටින වී. කිරුබාගරන් හෙවත් මොරිස් සහ තම්බයියා ප්‍රකාශ යන විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
විත්තිකරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර තිබෙන හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.