පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ආරම්භ වුණා.
ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්රධානත්වයෙන්.
අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිතයි.
තවද 10 වන පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාව ස්ථාපිත කිරීමට අද දිනයේ සැලසුම් කර තිබෙනවා.