පැපැදි ක්‍රීඩාවේ ජාත්‍යන්තර පාලන ආයතනය වන USI විසින් නවරත්නරාජා කරුණාරත්න, ශ්‍රී ලංකා ජාතික සම්මේලනයේ සභාපති වශයෙන් හඳුනා ගැනීමට තීරණය කිරීමත් සමග එම සම්මේලනය විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. එයට හේතුව වන්නේ කරුණාරත්න සහ ඔහුගේ සගයන් ඔවුන් නිලයේ සිටියදී සම්මේලනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කරන ලද පරීක්ෂණවලින් පසු අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාමාර්ග වලට අනුව නීත්‍යානුකූලව තනතුරු වලින් ඉවත් කිරීම නිසයි.
කෙසේවෙතත් කරුණාරත්න සහ ඔහුගේ සගයන් සම්මේලනයේ මුදල් ගසාකමින් සිටි අතර වසර දෙකක් බලයේ රැඳී සිටි පසු සම්මේලනය බංකොලොක් වුණා. තිරසාර මූල්‍ය සැලැස්මක් නොමැතිව අධික වියදම් දැරූ සම්මේලනයට 2019 වසරේ ජාතික ශූරතාවලිය පැවැත්වීමට පවා නොහැකි වූයේ මෙම මූල්‍ය අවභාවිතය නිසයි.
කරුණාරත්න සිය ධුර කාලය තුළ වාර්ෂික මහ සභා රැස්වීම් පැවැත්වීමෙන්ද වැලකී සිටි අතර සම්මේලනයේ ගිණුම් කිසිිටෙක එහි සාමාජිකයන්ට හෙළි කළේ නැහැ. තවද වාර්ෂික මහා සභා රැස්වීමකදී ඒවා සම්මත කරගත්තේද නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාජික ක්‍රීඩා සමාජ හා අනු සංගම් ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කල අතර නියමිත පරීක්ෂණවලින් පසුව කරුණාරත්න ඉවත් කිරීමට පියවර ගත්තා.
තත්ත්වය එසේ වුවද කරුණාරත්න, NOC මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ සහය ඇතිව පැපැදි සම්මේලනයේ සභාපති ලෙස සිය තනතුර දිගටම පවත්වා ගැනීමට සමත් වුණා. මේ හේතුව නිසා 2021 වර්ෂයේ සිට පාපැදි ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර වශයෙන් තරග කිරීමට පවා අවස්ථාවක් ලැබුණේ නැහැ.
නිසි පරිදි තේරී පත්වූ නිළධාරී මණ්ඩලයට සම්මේලනයේ දේපළ ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණාරත්න සහ ඔහුගේ සඟයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විට මැක්ස්වෙල් ද සිල්වා විසින් නිකුත් කරන ලද ලිපියක් උපයෝගී කරගනිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කරුණාරත්න සමත් වුණා.
එකළ කරුණාරත්නගේ දැඩි ප්‍රතිවාදියෙක් වූ මහලේකම් මැක්ස්වෙල්ගේ සමීපතමයෙකු වූ නිශාන්ත පියසේන මේ වන විට පාපැදි සම්මේලනය නැවත වරක් අස්ථාවර කිරීමට තම හිටපු විරුද්ධවාදියා සමග එකතු වී ඇති බවට අනාවරණය වේ. පියසේන පසුගිය මාර්තු මාසයේදී හිටපු මහාධිකරණ විනිසුරුවරයෙක් වන තිස්ස ඒකනායක මහතා සම්මේලනයේ නිලවරණ කමිටු සභාපති ලෙස පත් කිරීමට කුමන්ත්‍රණයක් මෙහෙයවූ බවටද වාර්තා වේ. මෙම උත්සාහය අසාර්ථක වුවද විධායක කමිටුවට රැස්වීම් හදිසියේ කල් තැබීමට බල කරමින් සම්මේලන රැස්වීම් කඩාකප්පල් කිරීමට පියසේනගේ ආධාරකරුවන් සමත් වුණා. මෙම බාධාව හේතුවෙන් නිලවරණය ප්‍රමාද වූ අතර සම්මේලනය විසුරුවා හැර නිලවරණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා යටතට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා.
මේ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයෙන් ඉවත් කර ඇති ක්‍රීඩා සමාජ 16ක නියෝජිතයන් අද (15දා) පෙරවරු 9.00ට ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.
මෙම නිලවරණය ජූලි 25 වන දින පැවැත්වීමට නියමිත අතර එම නිලවරණයට, මේ වනවිට ඡන්ද බලය අහෝසි කර ඇති ක්‍රීඩා සමාජ 16ක නියෝජිතයන්ට ද සහභාගිවීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වුණා.
පාපැදි සම්මේලනයේ හා ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් කවුන්සිල් රැස්වීම් වාර තුනකට සහභාගි නොවීම පිළිබඳ චෝදනාවක් නිර්මාණය කරමින්, නිලවරණ කමිටුව විසින් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් 22 ක් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව මෙම විරෝධතාව පවත්වන බව ක්‍රීඩාව රැකීමේ එකමුතුවේ සංවිධායකයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පවසයි.
මෙවර නිලවරණය සාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු නොකළහොත්, අන්තර් ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග සහභාගීත්වය සම්බන්ධයෙන් 2001 සිට පනවා ඇති සීමා ඉවත් කරවා ගැනීම තවදුරටත් ගැටලුවක් විය හැකි බව ද ක්‍රීඩාව රැකීමේ එකමුතුවේ සංවිධායකයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා අවධාරණය කරනවා. මෙම නිලවරණයේදී ඡන්ද බලය අහිමි කර ඇති අනුරාධපුරය, කුරුණෑගල, කළුතර, මහනුවර ඇතුළු ක්‍රීඩා සමාජ 16ක් විසින් සිදුකරන විරෝධතාවට, ඡන්ද බලය හිමිව ඇති ගාල්ල, කොළඹ යන දිස්ත්‍රික්ක පාපැදි සංගම් ඇතුළු ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ රැසක් ද සහයෝගය පලකර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළා.